Search
Close this search box.

January 28, 2021

පුරාණයේ සිට පැවත එන ශ්රී දළදා මාලිගාවේ සතර මහා මංගල්ලයන්ගෙන් එකක් ලෙස ගැනෙන අළුත් සහල් මංගල්ලය අදට (28) යෙදෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දා පැවැත් වුනා. සිරිත් ප්රකාරව පසුගියදා පල්ලෙකැලේ වී අටුවෙන් රැගෙන ආ අළුත් අසලින් පිසූ කිරිබත් දළදා සමිඳුන් අභියස දී පූජා කරමින් මේ වසරේ අළුත් සහල් මංගල්ලය නිමා විය. රටට සෞභාග්ය ද සස්ශ්රීකත්වය ද ප්රාර්තනා කරමින් සෑම වසරකම පවත්වන ශ්රී දළදා මාලිගාවේ අළුත් සහල් මංගල්ලය සතර මහා මංගල්ලයන්ගෙන් පළමු මංගල්ලය ද වේ. ශ්රී දළදා මාලිගාවේ තේවාව භාරව කටුයුතු කරන ගෞරවනීය මහා සංඝරත්නය, ගරු දියවඩන නිලමේ තුමන්, කාරියකරවන කෝරාළ ඇතුළු සෙසු රාකාරි කරුවන් අතින් මේ පුරාතන චාරිත්රය මෙවරත් ඉටුවිය.

As per the ancient rituals, “Aluth Sahal Mangallaya” the first festival of the year out of the four festivals took place today(28) on Duruthu Full Moon Poya day. A milk rice made out of the first harvest of paddy was offered to the Sacred Tooth Relic to get the blessings for the countries prosperity. The Maha Sangha in charge of Thewa, Diyawadana Nilame, Kaariya Karawana Korala & other officials of Sri Dalada Maligawa took part in this ritual.

Share With